×

Search News

LATEST NEWS

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනතට එරෙහිව පෙත්සම් 4ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 4ක් ලැබී ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ දී අද (22) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති තවත් පෙත්සමක පිටපතක් තමන්ට ලැබී ඇති බවයි.

මෙම පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ප්‍රකාරව ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 7 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට එදින සිට දින 14ක් කාලයක් ලබාදී තිබුණා.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව දෙවන වර කියවීමේ විවාදය ලබන මස අගදී පැවැත්වීමට නියමිතයි.

මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු මන්ත්‍රීවරුන් 512කගේ විශ්‍රාම වැටුප් අහෝසි වනු ඇති.

Previous Article Next Article