චීනයෙන් ලංකාවට සුඛෝපභෝගී බස් රථ 100ක්
චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසනවා.
මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ඊයේ (22) හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියා.
ඔහු සඳහන් කරන්නේ ඉන්ධන භාවිතය හේතුවෙන් විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බවයි.
මෙලෙස ලබාදීමට සැලසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.