අනූෂ පැල්පිට අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් කෝටි 4යි ලක්ෂ හැටක මුදලක් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.
අනූෂ පැල්පිට මහතා අද (23) උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණියා.
එහිදී මුලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.