මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි නොකරන ලෙස ඉල්ලා කරූගෙන් ජනපතිට ලිපියක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධ හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඔහු අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන්.
මෙරට නිදහස ලබන විට ඉඩම් උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලන සීමා වී ඇති බවත් 1956 වසරෙන් පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයෙන් ඉඩ ලැබුණු විශාල සමාජ විපර්යාසයක් ඇති වූ බවත් ඒ මහතා අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.
ඒ මහතා කියා සිටින්නේ මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට ව්‍යාපාරිකයන්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයින්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වන බවත්ය.
මේ තුළින් අවංක සමාජ සේවකයන්ට දේශපාලන ක්ෂේත්‍රයට ඉදිරිපත් විය නොහැකි වනු ඇති බවද එම ලිපියෙන් හිටපු කථානායකවරයා පවසනවා.