විදුලිබල මණ්ඩලය අහෝසි වීම කල් යයි?
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම තවදුරටත් කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන මස පළමු වනදා නිකුත් කිරීමට සැලසුම් කර තිබුණා.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළේ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය ඇතුළත් විදුලිබල ප්‍රතිපත්තිය සකස් කර ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට මේ දක්වා නොහැකි වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල් ගොස් ඇති බවයි.
මීට අදාළ මහජන අදහස් විමසීම මේ වන වන ආරම්භ වී ඇති බව වාර්තා වනවා.
පසුව විදුලිබල ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවා.
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වීමෙන් පසු එහි දේපල සහ සේවකයින් සමාගම් 4කට අනියුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර වන්දි ලබාගෙන ඉවත්ව යාමට සේවකයින් 2100කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලීම් කර තිබුණ ද විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම ප්‍රමාද වීම හරහා එම කටයුතු කල් යනු ඇති.