මම දැන් දේශපාලනයේ නැහැ - හිටපු ජනපති රනිල්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.
ඔහු අද (23) පෙරවරුවේ මහනුවර සංචාරයකට එක්වෙමින් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් බැහැදැක ඇති බව වාර්තා වනවා.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධව මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබාදී නැහැ.
මහ නාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ තමා දැන් දේශපාලනයේ නොමැති බවයි.