×

Search News

LATEST NEWS

BOI සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා එම තනතුරින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය විසින් විමසීමකදී ඔහු සඳහන් කළේ මේ මස 31 වනදා දක්වා පමණක් තමන් ධූරයේ රැඳී සිටින බවයි.

ආණ්ඩුවේ ඉල්ලීම පරිදි සීමිත කාලයක් සඳහා මෙම ධූරය භාරගත් බවත් ඉන් නිදහස් කරන ලෙස මීට දින කිහිපයකට පෙර බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ තවදුරටත් සභාපති ධුරයේ රැඳී සිටින ලෙස ඉල්ලීමක් කර ඇති නමුත් පෞද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉවත් වන බවයි.

Previous Article Next Article