රාජ්‍ය වෙසක් උත්සවය ගැන තීන්දුවක් ගනී
මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අද (24) මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැක මේ සම්බන්ධව දැනුවත් කර ඇති බව සඳහන්.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් මැයි මස 1 වනදා විසා නැකත නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළා.
මේ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොහොය කමිටුව රැස්වී මැයි මස 30 වනදා වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වීමට එකඟතාව පළකර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.