×

Search News

LATEST NEWS

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වැඩ තහනමකට ලක්ව තිබෙනවා.

ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ඊයේ (23) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

2023 සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ මෙම ධූරයේ රාජකාරී කරනු ලැබුවා.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් චමින්ද කුමාර කුලරත්න මහතා පවසන්නේ මෙම වැඩ තහනම් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවයි.

Previous Article Next Article