×

Search News

LATEST NEWS

රජය අවම බලයවත් පාවිච්චි කර නැති බව GMOA මතක තබා ගන්න - නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති

ජනතාව අපහසුතාවයට පත් කරමින් තමන්ට පුළුවන් උපරිම ක්‍රියාමාර්ග රජයේ වෛද්‍ය නිලධාරියාගේ සංගමය විසින් අරගෙන ඇත්තේ රජයක් ලෙස ගත හැකි අවම බලයවත් රජය යොදා ඇති පසුබිමක බහ සිහිපත් කරගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හංසක විජයමුණි මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුපස ඇති දේශපාලන අවශ්‍යතාවය තෘප්ත කිරීමට මහ බැංකුවේ ඇති සියලුම මුදල් ලබා දුන්නත් නොහැකි බවද ඔහු කියා සිටියා.

“රටක් විදිහට දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මිනිස්සු නගා සිටුවන්න ආණ්ඩුවට හිතන්නවත් බැරි මුදලක් වෙන් කරන්න සිද්ධ වෙලා තියනවා.

එතකොට තමන්ට වාහනයක් ගන්න හෝ මොකක් හරි එකකට ඒ මුදල ඉල්ලා සිටීම මම දන්නේ නෑ කොයි තරම් දුරකට සදාචාරාත්මක ද කියලා.

මේ රටේ තියන ඔක්කොම සල්ලි දුන්නත් ඒ දේශපාලන උවමනාව ඉටු වෙන්නේ නෑ. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද ඒ ගොල්ල ඒ අයට ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ග දැන් අරන් ඉන්නවා. නමුත් අපි රජය විදිහට අපිට ගන්න පුලුවන් අවම බලයවත් අපි පාවිච්චි කරලා නෑ. අවම ක්‍රියාමාර්ගවත් අපි අරගෙන නෑ.

ඒ නිසා ඒක විතරක් මතක තියාගත්තා නම් ඇති.

මොකද දිගින් දිගටම ජනතාවගේ ජීවිතත් එක්ක මේ සෙල්ලම දිගටම අරගෙන ගියෝතින් රජය විදිහට යම් යම් පියවර අපට ගන්න සිද්ධ වේවි."

Previous Article Next Article