දකුණු මුහුදේ දී ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා දික්ඕවිට ධීවර වරායට රැගෙන එයි
දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා අද (25) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ පොලීසිය ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගු දුර නෞකා යොදා ගනිමින් මෙම බහුදින යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකළ බවයි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 5 දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් 6 දෙනෙකු සිටි බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසනවා.
මෙම යාත්‍රාවන් හි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 270ක් පමණ ඇති බවට සැක කෙරෙනවා.
නාවික හමුදා භාරයට ගත් යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්යාංශය වෙත භාර දීමට නියමිතයි.