×

Search News

LATEST NEWS

කැනඩාවට 100%ක් තීරු බද්දක් පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

චීනය සමඟ වෙළෙඳ ගිවිසුමක් අනුගමනය කළහොත් කැනඩාවට 100%ක තීරු බදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

සිය Truth Social හි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.

එහිදී ට්‍රම්ප් පෙන්වා දෙන්නේ එම ගිවිසුමෙන් තම රටට අනතුරක් විය හැකි බවයි.

චීනය විසින් කැනඩාවට පණපිටින් අනුභව කරනු ඇති බවත් ඔවුන්ගේ ව්‍යාපාර, සමාජ ව්‍යූහය සහ සාමාන්‍ය ජීවන රටාව විනාශ කරනු ඇති බවත් අමෙරිකානු කැනඩාවට අනතුරු අඟවා තිබෙනවා.

ට්‍රම්ප් එම සටහනෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ අනුව යම් හෙයකින් චීනය සමඟ කැනඩාව වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරනු ලබන්නේ නම් එක්සත් ජනපදයට පැමිණෙන සියලුම කැනේඩියානු භාණ්ඩ හා නිෂ්පාදන සඳහා 100%ක තීරු බදු පැනවීමට සිදුවනු ඇති බවයි.

Previous Article Next Article