×

Search News

LATEST NEWS

දෙවන එක්දින තරඟයේ ඛෙත්තාරාම තණතීරුව ගැන එංගලන්තයෙන් චෝදනාවක්

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 5ක ජයක් ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලකුණු 219ක් රැස්කර ගත්තා.

මෙහිදී චරිත් අසලංක ලකුණු 45ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ජෙමී ඔවර්ටන්, ආදිල් රෂීඩ් සහ ජෝ රූට් කඩුලු 2ක් බැගින් දවා ගනු ලැබුවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 220ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී තරඟයේ ජය ලබා ගැනීමට සමත් වුණා.

එංගලන්තයට තරඟය ජයග්‍රහණය කිරීමට ජෝ රූට්ගේ පිත්තෙන් ලබාගත් ලකුණු 75ක් අනගි සහායක් වුණා.

පන්දුයැවීමේදී ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

මේ අතර තරඟය අවසානයේ පැවැති ත්‍යාග ප්‍රදාන උත්සවයේ දී ප්‍රේමදාස පිටියේ තණතීරුව සම්බන්ධයෙන් චෝදනාවක් ද සිදු කළා.

එහිදී එංගලන්ත කණ්ඩායමේ නායක හැරී බෘක් සඳහන් කළේ මෙය තමන් මෙතෙක් ක්‍රීඩා කළ නරකම තණතීරුව වන්නට ඇති බවයි.

"රටින් පිට දිනපු එක ගෙන සතුටුයි.අපි තැනැතීරුවට ගිහින් හුරු වෙලා  ඉක්මනට ස්ට්‍රයික් එකෙන් අයින් වෙලා අනිත් පිතිකරුවාට ස්ට්‍රයික් එක දෙන්න උත්සාහ කරන්න ඕනි.

ශ්‍රී ලංකා කණ්ඩායම දවා ගන්න සියලුම පන්දු යවන්නන් විශිෂ්ට කාර්යයක් කළා,මොකද ශ්‍රීලංකාව මේ තත්ත්වයට පුරුදු වෙලා ඉන්න කණ්ඩායමක්,ඒ නිසා ඒ අයව දවා ගැනීම අපූරු වැඩක්.

ජෝ රූට් කියන්නේ අපූරු ක්‍රීඩකයෙක්. ස්ට්‍රයික් එක ඉක්මනට හුවමාරු කරගෙන නරක පන්දුවට  පහර දෙන හැකියාව හරිම අපූරුයි."

Previous Article Next Article