විපක්ෂයේ මන්ත්‍රීවරුන් හෙට නොරෝච්චෝලේට
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (27) දින නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ඊට එක්වන බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනවල ගල් අඟුරු පිළිබඳව විවිධ කතා පැතිර යද්දී ඒ සම්බන්ධව නිවැරදි තත්ත්වයන් සොයා බැලීම අරමුණු කරගෙන මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් නොරොච්චෝලේ ගමන සැලසුම් කර තිබෙන බව විපක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.