කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනයට විවෘත කරයි
කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරීය සඳහන් කළේ වසා දමා තිබු කඩුගන්නාව ප්‍රදේශයෙන් ඊයේ (03) පස්වරුවේ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කළ බවයි.
මේ අනුව උදෑසන 6ත් රාත්‍රී 9ත් අතර කාලය තුළ දී පමණක් මෙම මාර්ගයේ වාහන ගමනාගමනයට අවසර ලබා දී ඇති බව සඳහන්.