×

Search News

LATEST NEWS

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් යයි

දැනට ක්‍රියාත්මක කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත සමාලෝචනය කර 2027 වසරේ දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (13) එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවයි.

ගැටළුවක් වී තිබෙන 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මේ අනුව,

1. මානව සම්පත් සංවර්ධනය
2. යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ
3.තක්සේරු සහ ඇගයීමේ කටයුතු
4. විෂයමාලා සංවර්ධනය
5. මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියා.

Previous Article Next Article