පෙන්ෂන් නැති කරපු එකට එරෙහිව මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් දෙක ගොනු කර ඇති බව වාර්තා වනවා.
පෙත්සම්කරුවන් සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත්තේ තවද අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා බී.එම්. දීපාල් ගුණසේකර, සමන්සිරි හේරත් සහ පියසෝම උපාලි සමග උපාලි අමරසිරි මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.