×

Search News

LATEST NEWS

නවසීලන්ත කණ්ඩායම හමුවේ ඉන්දියාව අමිහිරි පරාජයක් ලබයි

සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි අවසන් එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 41ක පහසු ජයක් ලැබීමට නවසීලන්තය කණ්ඩායම සමත් වුණා.

මේ අනුව තරඟ 3කින් යුත් තරඟාවලිය තරඟ 2-1ක් ලෙස ඔවුන් ජයගනු ලැබුවා.

ඉන්ඩෝහිදී හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 337ක් රැස් කිරීමට සමත් වුණා.

නවසීලන්ත ඉනිමේ පන්දුවාර 12.1කදී ලකුණු 58කට කඩුලු 3කට දැවී ගියා.

වැටුණු ඉනිම ගොඩගැනීම සඳහා Daryl Mitchell සහ Glenn Phillips සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 188කින් ලකුණු 219ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුවා.

ලකුණු 338ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 46ක් අවසානයේ සියලු දනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 296ක් පමණි.

ඉන්දියාව වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 124ක් ලබාගත් අතර හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුණා.

නිටිෂ් කුමාර් රෙඩි ලකුණු 53යි.

ඉන්දීය ඉනිමේ අවසන් භාගයේ දී හර්ශිට් රානා ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ඒමේ ඉනිමක් දියත් කළා.

එහිදී ඔහු පන්දු 43කදී ලකුණු 52ක් ලබාගත් අතර ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

මේ අනුව නවසීලන්ත කණ්ඩායම එක්දින තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රාහිව අවසන් කිරීමට සමත් වුණා.

එය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී නවසීලන්තය ලැබූ පළමු එක්දින තරඟාවලිය ජය ලෙස ද ඉතිහාසයට එක්වුණා.

1988 වසරේ සිට ඉන්දියාවේ සිදු කරන සංචාරය කරන නවසීලන්තය වසර 37ක මෙම කාලය තුළ එරටදී කිසිඳු එක්දින තරඟාවලියක ජයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.

Previous Article Next Article