විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පාකිස්ථානයත් බංග්ලාදේශය ගිය මඟම යන්න හදයි
එළැඹෙන විස්සයි විස්සස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට ඉන්දියාවට යනවාද? නැද්ද? පිළිබඳව අවසන් තීරණය ජනවාරි 21 වනදා වන විට දැනුම් දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශයට දැනුම් දී තිබෙනවා.
එම කවුන්සිලය මේ බව දැනුම් දී ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හා ICC නියෝජිතයින් අතර ඊයේ (17) ඩකා හිදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.
තමන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රීඩා කිරීමට කැමැති බව අදාළ සාකච්ඡාවේ දී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ICC නියෝජිත මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
නමුත් ඒ සඳහා ඉන්දියාවෙන් පිටත ස්ථානයක් දිගින් දිගටම ඉල්ලන ඔවුන් සිය ස්ථාවරය කිසිඳු අයුරකින් වෙනසක් සිදුකර නැහැ.
මේ අතර බංග්ලාදේශය සිද්ධිය පදනම් කරගනිමින් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ද මෙවර ලෝක කුසලානයට සහභාගී වීම සම්බන්ධ නැවත සලකා බැලීමේ තීරණයක් ගෙන ඇති බව වාර්තා වනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ කිසිඳු රටක් සත්කාරක පීඩනයට මුහුණ නොදිය යුතු බවත් ඒ හේතුවෙන් අසල්වැසියන්ට පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික වී ඇති බවත්.