×

Search News

LATEST NEWS

හරිනි ස්විස්ටර්ලන්තයට

ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද (19) උදෑසන අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙවර එම වාර්ෂික රැස්වීම අද (19) සිට 23 දක්වා ස්විස්ටර්ලන්තයේ ඩාවොස් ක්ලොස්ටේර්ස් ෆිදී පැවැත්වීමට නියමිතයි.

පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය වාර්ෂික රැස්වීම මෙවර පැවැත්වෙන්නේ 'A Spirit of Dialogue' යන තේමාව යටතෙයි.

ඒ සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, තාක්ෂණ නවෝත්පදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3000කට අධික ගණනක් සහභාගී වනු ඇති.

මෙම සංචාරය අතරවාරයේ දී අග්‍රාමාත්‍යවරිය සහ ජාත්‍යන්තර නායකයින්, ගෝලීය ආයතන ප්‍රධානීන් අතර ඉහළ මට්ටමේ ද්වී පාර්ශවික සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිතව ඇති.

Previous Article Next Article