×

Search News

LATEST NEWS

නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනය අද සිට නැවත ඇරඹෙයි

තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනය අද (19) නැවත ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අනුව අද (19) පෙ.ව. 8 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වනවා.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ ඔවුන්ගේ ඉල්ලීම්වලට රජයෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත. මෙලෙස වැඩ වර්ජනය ආරම්භ කරන බවයි.

අක්කරෙයිපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පිළිබඳව එල්ල වී ඇති චෝදනාවලට අදාළව ඔහු එම ධූරයෙන් ඉවත් කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පසුගිය අඟහරුවාදා දිනයේ සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.

Previous Article Next Article