6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදීම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන්ගෙන් විරෝධතාවක්
තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත ක්‍රියාත්මක කරන ලෙස දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩව නිහඬ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව ලෙස සංවිධානය වු මව්පියන් පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
එම නිහඬ විරෝධතාව අද (19) පෙරවරුවේ සිට ආරම්භ වුණා.
මේ අතර තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබෙනවා.
ඊට අමතරව පොළොන්නරුව සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක මෙම විරෝධතා පැවැත්වුණා.