×

Search News

LATEST NEWS

රුපියල් මිලියන 283ක මුදල සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස උපයාගෙන ඇති බවට සැකකරන රුපියල් කෝටි 283,300,000 මුදලක් හා වාහන දෙකක් සමඟ සැකකරුවෙකු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වයස අවුරුදු 40ක් වන ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදෙස්ගතව සැඟව සිටින බවට සැකකරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ මෙම සැකකරු දුරකථන මඟින් සම්බන්ධතා පවත්වා ඇති බවත් එම ජාවාරම්කරුගේ උපදෙස් අනුව මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙම මුදල් එකතු කර ඇති බවත්ය.

තවද අදාළ වාහන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවද එම විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (20) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Previous Article Next Article