×

Search News

LATEST NEWS

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ අද (20) පෙරවරු 11.30 සිට පස්වරු 5 දක්වා එම විවාදය පැවැත්වෙන බවයි.

මෙම සතිය සඳහා අද (20) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවට රැස්වීමට නියමිතයි.

හෙට (21) දිනයේ දී දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සුදානමක් නොමැති වීම පිළිබඳව පූර්ණ අධ්‍යයනය සිදුකර වාර්තා කිරීමටත් ඒ සම්බන්ධ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත් කිරීමේ යෝජනා සම්මතය අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

බ්‍රහස්පතින්දා දිනයේ දී ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

ලබන සිකුරාදා දිනයේ විශ්ව විද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Previous Article Next Article