අග්‍රාමාත්‍යවරියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්න ආණ්ඩු පක්ෂයෙන් දින 2ක්
අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසුරියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ලබන 22 වනදා සහ 23 වනදා යන දෙදින තුළ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය සුදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඒ සඳහා විපක්ෂය සුදානම් නොමැති නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කල් තැබීමේ විවාදයක් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ පැවැත්වීමට හැකි බවයි.
මීට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක මහතා කියා සිටියේ විශ්වාසභංග සම්බන්ධයෙන් වූ විවාදය පිළිබඳ තීරණය ගත යුත්තේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂය වන බවත් ආණ්ඩුව පවසන පරිදි විවාදයට ගැනීමට විපක්ෂය සුදානම් නොමැති බවත්ය.