×

Search News

LATEST NEWS

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර් 0.86ක් දුරක මංතීරු 6කින් යුත් මාර්ගයක් ඉදි කිරීමට 2009 නොවැම්බර් මස 11 වන දින පැවැති කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

2022 වසරේ මෙරටට බලපෑ ආර්ථිකය අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පසුව මෙරට ජාතික මාර්ග ප්‍රධාන සැලැස්ම යටතේ ප්‍රමුඛ යටිතල පහසුකමක් ලෙස මෙම මාර්ගය ඉදිකිරිම හඳුනාගෙන මේ වන විට අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලින් 90%ක් පමණ අවසන් කර ඇති බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ හොරණ මාර්ගයේ ගමන් කාලය සහ රථවාහන තදබදය සැලකිය යුතු ලෙස අඩුවනු ඇති.

මේ අනුව බේස්ලයින් මාර්ගයේ දීර්ඝ කිරීමේ තුන්වන අදිරයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Previous Article Next Article