මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා ගැන අධිකරණය ගත් තීන්දුව
දූෂණ චෝදනාවක් සම්බන්ධව සිරදඬුවමක් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින්ද ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස් 9 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කර තිබෙනවා.
මෙම අභියාචනා පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා පෙත්සම් විභාගය සඳහා මාර්තු මස 9 වනදා කැඳවන බවයි.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා කැරම්බෝර්ඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 50කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු කරනු හිටපු අමාත්‍යවරුන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා නලීන් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 25ක සිරදඬුවම් නියම වුණා.
එම දඬුවමට එරෙහිව ඔවුන් අභියාචනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.