වෛද්‍යවරුන් පැය 48ක සංකේත වැඩවර්ජනයක් අරඹයි
හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිරත වන බවයි.
මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.