×

Search News

LATEST NEWS

සිංහ කොල්ලන්ගේ විශිෂ්ඨ දස්කම් හමුවේ එංගලන්තයට අමිහිරි පරාජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) ලකුණු 19ක විශිෂ්ඨ ජයක් ලැබුවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 271ක් ලබාගත්තා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93ක් රැස් කළා.

ඊට හතරේ පහර 11ක් ඇතුළත්. ජනිත් ලියනගේ ලකුණු 46යි.

තරඟයේ අවසන් පන්දුවාර කිහිපයේ පිටියට පැමිණි දුනිත් වෙල්ලාලගේ පන්දු 12කදී ලකුණු 25ක් ලබාගත් අතර ඊට හතරේ පහර 3ක් සහ 1ක් හයේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේ දී එංගලන්තයේ Adil Rashid ලකුණු 44කට කඩුලු 3ක් බිඳ හෙලුවා.

ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 2කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 252ජ පමණි.

එංගලන්තය වෙනුවෙන් Ben Duckett සහ Joe Root දෙවන කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක් ගොඩනැගුව ද එය තරඟය ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් වුයේ නැහැ.

මෙහිදී Ben Duckett ලකුණු 62ක් සහ Joe Root ලකුණු 61ක් රැස්කළා.

කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි ප්‍රමෝද් මදුෂාන් ලකුණු 39ට කඩුලු 3ක් බිඳ හෙළුවා.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගනු ලැබුවා.

Previous Article Next Article