අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි
අමෙරිකා එක්සත් ජනපදය විසින් ඊයේ (22) සිට ලෝක සුඛ සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුව මෙම ඉවත් වීම සිදු වුණා.
කෙසේ වෙතත් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමෙන් පසුව මේ බව නිවේදනය කළා.
එහිදී ඔහු සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් අමෙරිකාව ලබාදෙන අරමුදල් කප්පාදු කිරීමක් සිදුකරන බවයි.
මේ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ පලස්තීන සහන ඒජන්සියට අරමුදල් සැපයීම, යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත්වීමද ප්‍රකාශ කෙරුණා.
සිය පළමු ධුර කාලය සමයේ ජනාධිපති ට්‍රම්ප් කොරෝනා වසංගතය මුලික කරගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වුණා.
පසුව ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසුව අමෙරිකාව නැවත ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්වීම සිදුකෙරුණා.